Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොරණ මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ඇරඹෙයි  

Add comments

දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හොරණ මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීම ඇරඹුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

හොරණ දික්හේනපුර සිට නර්තනගල වෙළමැද පාර හා හොරණ රාජකීය විද්‍යාල මාවත යන මාර්ග දෙකයි මෙලෙස සංවර්ධනය කිරීම ඇරඹුණේ. රාජකීය විද්‍යාල මාවත සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ හත්සිය තිස් දෙකක් පමණ වෙන්කර ඇති අතර වෙලමැද පාර සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ හත්සිය තිස් පහකට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.

සූරියවැව විද්‍යාල මාවත සහ වැව දක්වා වූ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුනා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දෙසීය හැටක්. මන්තීරු දෙකකින් යුතුව මෙම මාර්ග සංවර්ධනය කෙරෙනවා. සූරියවැව රොෂාන්

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම වැඩසටහනට අනුව නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් හිගුරක්ගොඩ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේදී ආරම්භ කෙරුණා. හිගුරක්ගොඩ අක්කර හැත්තෑව ගම්මනායේ නිවාස නොමැති පවුල් පහක් සදහා නව නිවාස ඉදි කිරීම සදහා මේ යටතේ මුල් ගල් තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් රජය ලබාදෙන අතර ඉදි කිරීම් කටයුතු නොමිලේ සිදු කෙරෙනවා.

සපිරි ගමක් වැඩසටහන යටතේ වාද්දුව මාවල සංරේපාක්  මාර්ගය සහ ඉසුරුදිසි උයන මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම සිදුවුණා. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව මහරැක්ම අතුරු මාර්ගය ද සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම සිදුවුණා.

ග්‍රාමීය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යට‌තේ රඹුක්කන දියසුන්නත බොරලුව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන විස්ස ඉක්මවනවා. මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ගම්මාන රැසක ජනතාවට සෙත සැලසෙන අතර ඔවුන්ගේ වගා බිම් අස්වනු වෙළදපොළ වෙත ගෙන යාමට ද පහසුකම් සැලසෙනවා.

 

 

 

The post හොරණ මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG