Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔක්ස්ෆර්ඩ්හි කොරෝනාට එරෙහි එන්නතක් සොයන මෙරට උපන් මහාචාර්යවරිය  

Add comments

කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් සොයා ගැනීම සදහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකරන පර්යේෂණවල ප්‍රධාන පර්යේෂිකාවක් ලෙස මෙරට උපන් මහාචාර්ය මහේෂි එන් රාමසාමි මහත්මිය කටයුතු කරමින් සිටිනවා.

මෙරට උපත ලැබූ මහේෂි එන් රාමසාමි මහත්මිය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබද උපාධියත්, ඔක්ස්ෆර්ස් හා ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබද උපාධි ලබා තිබෙනවා.

ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරිය ලෙසත්, ඔස්ක්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධාන විමර්ශකවරිය ලෙසත් කටයුතු කරමින් සිටිනවා. තිදරු මවක් වන මහාචාර්ය මහේෂි එන් රාමසාමිගේ දෙමාපියන් ද කීර්තිමත් විද්‍යාඥයින් වනවා.

The post ඔක්ස්ෆර්ඩ්හි කොරෝනාට එරෙහි එන්නතක් සොයන මෙරට උපන් මහාචාර්යවරිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG