සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ සදික් අල් මහඩ් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
වයිරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් 21 දෙනෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. 84 හැවිරිදි සදික් අල් මහඩ් 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
The post සුඩානයේ හිටපු අග්රාමාත්යවරයෙකුවූ සදික් කොරෝනා හේතුවෙන් මිය යයි appeared first on ITN News.
Post a Comment