Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක  

Add comments

දිවයිනේ ස්ථාන කිහිපයක වෙරළ ඛාදනය උග්‍ර වී තිබෙනවා. හලාවත උතුරු තෝඩුවාව හා කෝකිලායි ප්‍රදේශවල මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

මුහුදු ඛාදනයත් සමග නිවාස රැසක්ම කැඩීයාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. වෙරළ තීරයේ සිට මීටර් 500 ක් පමණ උතුරු දෙසට වෙරළ තීරයේ මෙම ගැටලුව ප්‍රබල ලෙස පවතින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙරළ ඛාදනය වැළැක්වීම සදහා ගල්වැටි යොදා තිබුණ ද එම ගල්වැටි ඇතැම් ස්ථානවලින් කැඩීයමින් පවතිනවා. පොල්ගස් කිහිපයක්ම මේ වනවිටත් මුහුදට බිලිවී අවසන්.

මේ අතර කෝකිලායි වෙරළ තීරය ද උග්‍ර ලෙස ඛාදනය වෙමින් පවතිනවා. මුහුදු ජලය ගොඩබිම් ප්‍රදේශයට ගලාඑමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. ධීවර නිවාස රැසකට ද මේ හේතුවෙන් හානි සිදුව තිබෙනවා. එමෙන්ම ඉඩම් රැසක වගා කටයුතු සිදුකිරීම ද අපහසුවී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post වෙරළාසන්න නිවාස රැසක් මුහුදට බිලි වීමේ අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG