අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවක ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටිනවා.
ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් යන ප්‍රාන්තවලට මේ දිනවල සෙල්සියස් අංශක හතලිස් හත ඉක්මවා ගිය උෂ්ණත්වයක් පවතිනවා.
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රාන්ත පසුගිය දින කිහිපය පුරා දැඩි අවදානමකට ලක්වුණා. බොහෝ පිරිසක් අවදානම නොතකමින් මුහුදු වෙරළ කරා ඇදී යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.
ඉදිරි දින කිහිපය තුළදී ලැව්ගිනි තත්ත්වයක් ඇති වීමට ද ඉඩ ඇති බව එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.
The post අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගණනාවක ජනතාව දැඩි පීඩාවට appeared first on ITN News.
Post a Comment