කෝවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ පැන වූ සීමා කිරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ ජනතාව විරෝධතාවල නිරතවී තිබෙනවා.
මෙම විරෝධතා භීෂණකාරී මට්ටමට වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. විරෝධතාකරුවන් පලවා හැරීමට හිස් උණ්ඩ භාවිත කරමින් වෙඩි තැබීමට පොලීසියට සිදුවුණා. වීථිවල ගිනි තැබීම් ද දැක ගැනීමට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් සදහන් කළේ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ස්පාඤ්ඤය තුළ මාස 6 කට වැඩි කාලයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් කොවිඩ් නයින්ටීන් මැඩලීමට පියවර ගෙන තිබුණා.
The post Covid හමුවේ පැන වූ සීමා කිරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ විරෝධතා appeared first on ITN News.
Post a Comment