නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් නව රජයක් පිහිටුවීම සදහා එරට සුළු පක්ෂ සමග ගිවිසුමකට එළඹුණා.
පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂය පහසු ජයක් හිමිකරගත්තා. රජයක් පිහිටුවීමට වෙනත් කිසිදු පාර්ශ්වයක සහයෝගයක් ලබා ගැනීම අවශ්‍ය නොවුණ ද ශක්තිමත් රජයක් පිහිටුවීම සදහා මෙලෙස ගිවිසුම් ගතවන බවයි පාලක කම්කරු පක්ෂය නිවේදනය කරන්නේ. වසර 50 කට පමණ පසු නවසිලන්ත කම්කරු පක්ෂය ලද දැවැන්තම ජයග්‍රහණය ද මෙය ලෙස සැලකෙනවා. මිලියන 5 ක පමණ ජනගහණයක් වෙසෙන නවසිලන්තය තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථක අයුරින් මැඩපැවැත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The post නවසීලන්ත අගමැති නව රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළඹෙයි appeared first on ITN News.
Post a Comment