කොරෝනා ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී එම රෝහලෙන් පලාගිය මවක සහ තුන් හැවිරිදි පුත්රයා සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.
එහිදී ඇහැලියගොඩ ප්රදේශයේදී දරුවා සොයා ගැණුනු අතර කාන්තාව ඇහැලියගොඩ සිට ඉඩම්ගොඩ දක්වා ගමන්ගත් බස් රථයකින් කිරිඇල්ල නගරයට ගොස් එහි සිට පාගමනින් එපිටවල දක්වා කිලෝමීටර් 04 ක දුරක් පැමිණ ඇති බව හෙලිවී තිබෙනවා. යළි එපිටවල සිට ත්රී රෝද රථයකින් කිරිඇල්ලට පැමිණි මෙම කාන්තාව බස් රථයකට නැගීමට උත්සාහ දැරීමේදී එහි කොන්දොස්තරවරයා එය වළකා මේ පිලිබදව පොලීසියට දැනුම්දීමට කටයුතු කළා.
පොලීසිය පැමිණීමේදී ඇය කිරිඇල්ල නගරයට ආසන්නයේ පිහිටි වන රොදකට පළාගොස් ඇති අතර ඇය සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි.
The post IDH රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment