LPL ක්‍රිකට් තරගාවලිය හා එළඹෙන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ලබන 26 වනදා සිට ලබන මස 16 වනදා තෙක් LPL ක්‍රිකට් තරගාවලිය මෙරටදී පැවැත්වෙනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද ජනවාරි මස 14 වනදා සිට මෙරට සංචාරය කිරීමට නියමිතයි. මෙම තරගාවලි පැවැත්වීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණවලට එළඹීම සඳහා විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ද මීට සහභාගි වුණා.
විදෙස් ක්‍රීඩකයන්ගේ හා මෙරට ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පුළුල් වශයෙන් මෙහිදි අවධානයට ලක් වු අතර කෝවිඩ් 19 තාක්ෂණික කමිටුව ලබා දෙන නිර්දේශවලට අනුව තරග මාලා පැවැත්වෙනු ඇති. තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් මේ වන විට දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබෙනවා. සියලු නිරෝධායන නීතිරීති හා සෞඛ්‍ය උපදෙස්වලට අනුවයි එම ක්‍රීඩකයන් මෙරටදී ක්‍රීඩා කරන්නේ.
LPL තරගාවලියේ සියලු තරග ITN මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. ලක්හඬ හා වසන්තම් ගුවන් විදුලි නාලිකා ඔස්සේ ද තරග පිළිබඳ සජීවී විස්තර කථනයක් ගෙන ඒමට සියලු විධිවිධාන යොදා තිබෙනවා.
රත්නපුර මිනුවන්ගල කන්දේ සිට මෙම විකාශය සම්ප්‍රේෂණය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.මේ වන විට එම ප්‍රදේශ වල ජනතාවට වසන්තම් රූපවාහිනිය UHF 56 ඔස්සේ සුසර කර ගැනීමට හැකියි.
The post සූරියවැව LPL ක්‍රිකට් සැණකෙළිය සෞඛ්‍යාරක්ෂිතව – සෞඛ්‍යයෙන් සහතිකයක් appeared first on ITN News.
Post a Comment