කොරෝනා වසංගතය මධ්‍යයේ මානසික රෝග ඉහළ යාම ද වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ඉදිරි කාලය තුළ කෙටි කාලීන හා දිගු කාලීන අමතකවීමේ රෝගයට බහුලවම මිනිසුන් ගොදුරුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් නිවේදනය කරනවා. ඇතැම් රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම මෙම තත්ත්වය බරපතල කිරීමට සමත්ව තිබෙනවා.කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට මෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් හටගන්නා අතුරු රෝගාබාධ කෙරෙහි ද නිසි අවධානය යොමු කිරීම වැදගත් බවයි විශේෂඥයින් පවසන්නේ.වයිරස ව්‍යාප්තිය ආරම්භයට තුඩු දුන් හේතු සහගත ලොවට අනාවරණය කිරීම ද අත්‍යවශ්‍ය කාරණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නොම් පවසනවා. ඔහු තවදුරටත් සදහන් කරන්නේ බ්‍රසීලයේ තත්ත්වය පිලිබද මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවයි.
The post කොරෝනා මධ්‍යයේ මානසික රෝග ඉහළ යාම ද වසංගතයක් වෙයි appeared first on ITN News.
Post a Comment