කොරෝනා වයිරස නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුවූ නවතම රටවල් බවට ඉන්දියාව හා පාකිස්ථානය පත්ව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුට හා පාකිස්ථානයට පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකුට කොරෝනා වයිරස නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
බ්‍රිතාන්‍යයේ සිට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ඉන්දියාවට හා පාකිස්ථානයට පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුටයි මෙලෙස නව වයිරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව යුරෝපයේ ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය,ස්වීඩනය, ජර්මනිය මෙන්ම කැනඩාව, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රාලය හා ලෙබනනය ඇතුලු රටවල් විස්සකින් කොරෝනා වයිරස නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. මේ අතර පළමු කොරෝනා වයිරස ආසාදිතයා චීනයේ වූහාන් නගරයෙන් හමුවී වසරක් ඉක්මවී ඇති අතර මේ වනවිට ලොව පුරා රටවල් දෙසීය දහ අටකින් වයිරස ආසාදිතයින් මිලියන අසූ දෙකකට ආසන්න සංඛ්‍යාවක් හමුවී තිබෙනවා. වයිරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව දහ අට ලක්ෂයකට ආසන්නයි.
The post අලුත් කොරෝනාවේ රෝගීන් ඉන්දියාවෙනුත් පාකිස්ථානයෙනුත් appeared first on ITN News.
Post a Comment