Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ස්වයං රැකියා අවස්ථා ලක්‍ෂ 2 ක් සඳහා පහසුකම් සැපයීමට රජය සූදානම්  

Add comments

නව ස්වයං රැකියා අවස්ථා ලක්‍ෂ 2 ක් සදහා පහසුකම් සැපයිමට රජය සූදානම් බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. සමෘද්ධි කළමනාකරුවන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීමේ වැඩසටහන යටතේ සමෘද්ධි ලාභීන් ජීවනෝපාය මාර්ග ලෙස යොමු කිරීමේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවා. නව ස්වයං රැකියා වැඩපිළිවෙළ හරහා නිෂ්පාදනය වන නිපැයුම්වලට වෙළෙදපොළ නිර්මාණය කිරීම කෙරෙහි ද මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. ඒ වෙනුවෙන් නව වෙළෙදසල් විසිපන්දහසක් දිවයින පුරා පිහිටුවීමට නියමිතයි. සමෘද්ධිලාභින් හා ඔවුන්ගේ පවුල් නගාසිටුවීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මසකට රුපියල් බිලියනයක මුදලක් වැය කරනවා. කාන්තා ව්‍යවසායිකාවන් නිර්මාණය කර ඔවුන්ට මූල්‍ය සාක්‍ෂරතාව ලබා දෙමින් ව්‍යාපාර සංවර්ධනය සදහා මග පෙන්විය යුතු බව ද බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, සීතා අරඹේපොළ, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡාවට එක්වුණා.

 

 

 

 

The post නව ස්වයං රැකියා අවස්ථා ලක්‍ෂ 2 ක් සඳහා පහසුකම් සැපයීමට රජය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG