Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුෂානි රෝහණදීර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට  

Add comments

නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට රෝහණදීර මහත්මිය මෙලෙස පත්කර තිබේ.

රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ( පරිපාලන සේවා ) ලෙස කටයුතු කළ අතර, ඇය පාර්ලිමේන්තු සේවයට එක්ව තිබුණේ 1999 පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙසනි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තාය. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් ඇය නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා දී ඇත.

The post කුෂානි රෝහණදීර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG