Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ආණ්ඩුකාරවරිය මුහුදුබඩ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබඳ සොයාබැලීමට යයි  

Add comments

“බුරවි” සුළි කුණාටු‍වෙන් අවධානමකට ලක්විය හැකි ප්‍රදේශ වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබද සොයාබැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (02) පෙරවරුවේ ත්‍රිකුණාමලය උතුරු වෙරළ ආශ්‍රිතව ජිවත් වන වැසියන්ගේ ගම්මාන කිපයක සංචාරය කළාය.

ඒ අනුව ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය උතුර වෙරළ පාර, සිරිමාපුර සහ තිරුක්කඩලූර් යන ගම්මාන වල මෙම නිරික්ෂණය සිදු කළාය.

එම ප්‍රදේශ වල ජිවත් වන වැසියන් සුළිකුණාටුවෙන් සිදු වීමට ඉඩ ඇති විපත් වලින් කල්වේලා ඇතිව මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම මෙම නිරික්ෂණ චාරිකාවේ අරමුණ විය.

මෙවැනි ආපදාවක් සිදු වීමට ප්‍රථම එම ජනතාවගේ තොරතුරු සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරයෙකු එහි ගිය ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

මහවැසි නොතකමින් ආණ්ඩුකාරවරිය එම ජනතාවගේ නිවාස වලට ගොස් පස්වරුව වන විට සූදානම් කර ඇති ආරක්ෂිත ස්ථාන කරා යන්නැයි දැනුවත් කළාය.

මෙම සුළිකුණාටුවෙන් යම් ආපදාවක් සිදු වුවහොත් එම ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.

මුදුදුබඩ ප්‍රදේශයේ ජිවත් වන එම ජනතාවට අවශ්‍ය පහසුකම් නිරන්තරයෙන් සොයා බලන ලෙසද ආණ්ඩුකාරවරිව දිස්ත්‍රික් ලේකම්වරු මගින් අදාළ ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නාය.

The post නැගෙනහිර ආණ්ඩුකාරවරිය මුහුදුබඩ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබඳ සොයාබැලීමට යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG