Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“බුරවී” සුළි කුණාටුව – නවතම නිවේදනය  

Add comments

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව අද (02 ) පෙ.ව 08.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී.200 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.6 ත් නැගෙනහිර දේශාංශ 83.0 ත් ආසන්නව ස්ථානගතව පැවතුනි.

මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද (02 ) රාත්‍රී කාලයේ (ප.ව 07.00-10.00අතර ) දී ඇතුළු වේ යැයි බලාපොරොත්තු වේ.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ.කි.මී. 80-90 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 100 දක්වා වැඩි විය හැක. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට(දෙසැම්බර් 03 ) උදැසන වනවිට පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.

උතුරු සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.

ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක. උතුරු, උතුරු මැද, ,වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.

සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(40 -50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක. ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

The post “බුරවී” සුළි කුණාටුව – නවතම නිවේදනය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG