Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”බුරවි” නිසා උතුරේ සියලු පාසල් හෙට සිට දින දෙකක් වසා දැමේ  

Add comments

බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරේ සියලු පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බව පළාත් ආණ්ඩුකාර  පී එස් එම් චාල්ස් මහත්මිය පැවසුවා.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවයි ආණ්ඩුකාරවරිය කියා සිටියේ.

බුරවි සුළි කුණාටුව අද පස්වරු හතත් පස්වරු දහයත් අතර කාලය තුළදී ඊසාන දිග වෙරළින් දිවයිනට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වනවා. සුළි කුණාටුව සමග සුළගේ වේගය පැයට කිලෝමීටර්  අසූවත් අනූවත් අතර මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඇතැම්විට සුළගේ වේගය පැයට කිලෝමීටර් සියය දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කරනවා.

බුරවි සුළි කුණාටුව නිසා  ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම තත්ත්වයත් සමග වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 

 

The post ”බුරවි” නිසා උතුරේ සියලු පාසල් හෙට සිට දින දෙකක් වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG