මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ සැකකරු එළඹෙන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති යටතේ සහ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවය.
The post මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ පුද්ගලයා රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment