Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉවතලන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රිකරණයට හඳුන්වාදුන් බහාලුම අගමැතිට භාර කෙරේ  

Add comments

ඉවතලන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රිකරණය කිරීමට පරිසර අමාත්‍යාංශය හඳුන්වාදුන් බහාලුම,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර කෙරුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම ප්‍රතිචක්‍රීකරණ බහාලුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. නීතියක් නොව විනයක් යන තේමාවෙන් ක්‍රියාත්මක පරිසර හිතකාමී ව්‍යාපෘතිය රටපුරා පාසල් හා ආයතන මට්ටමින් ක්‍රියාත්මක වීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් පද්ධතිය තුළින් පමණක් දිනකට පරිසරයට බැහැර කරන කාබන් පෑන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 80 ක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළේ.

මෙතෙක් අවධානය යොමු නොවූ මෙම පාරිසරික ගැටලුවට පිලියමක් ලෙස ආරම්භ කළ ආරක්ෂිත ප්‍රතිචක්‍රීකරණ බහාලුම හදුන්වාදීමට ගත් ක්‍රියාමාර්ගය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා.

 

 

The post ඉවතලන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රිකරණයට හඳුන්වාදුන් බහාලුම අගමැතිට භාර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG