මහර බන්ධනාගාර සිද්ධිය පිළිබද විමර්ශනය කෙරෙන පංච පුද්ගල කමිටුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර මහතා පත්කර තිබෙනවා. බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට සාමකාමීයි.
පංච පුද්ගල කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා අස්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් ක්‍රියාකිරීම හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වූ බවයි ඒ මහතා පවසන්නේ. ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම කමිටුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර මහතා පත්කෙරුණා. බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරී තත්ත්වය හේතුවෙන් 108 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 106 දෙනෙකු බන්ධනාගාර රැදවූවන්. සිද්ධියෙන් රැදවූවන් 11 දෙනෙකු මියගියා. රැදවූවන් 28 දෙනෙකු හා එක් නිලධාරියෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ අතුරින් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති අතර සෙසු සියලු දෙනා ප්‍රතිකාර ලබන්නේ රාගම ශික්ෂණ රෝහලෙයි.
මහර බන්ධනාගාරය තුළ සිටි රැදවුවන් අතුරින් ඇප ලබාදීමට නියමිතව තිබූ රැදවුවන් හට ඇප සහතික කිරීමෙන් අනතුරුව නිරෝධායනය ක්‍රියාමාර්ගවලට අනුගතව මුදාහැරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
The post මහර කැරැල්ලේ සුළ මුල හොයන කමිටුවට – හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීරත් පත් කරයි appeared first on ITN News.
Post a Comment