Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සැමවිටම ඒකාබද්ධ ප්‍රකාශ රටට ඉදිරිපත් කිරීම වැදගත්  

Add comments

ජාතික ආගමික හා ශාසනික ගැටළුවලදී ත්‍රෛනිකායික මහානායක ස්වාමීණ්වහන්සේ සැමවිටම ඒකාබද්ධ ප්‍රකාශ රටට ඉදිරිපත් කිරීම වැදගත් බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහානායක ස්වාමීන්වහන්සේ පවසනවා.

ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ මහනායක ධුරයට පත් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන්වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයී මේ බව ප්‍රකාශ කෙරුණේ. අස්ගිරි මහාවිහාරයේදීයී මෙම හමුව සිදු වුණා. ජාතික, ආගමික හා ශාසනික ප්‍රශ්නවලදී මහානායක ස්වාමීන්වහන්සේ එක් මතයක නොසිට විවිධ ප්‍රකාශ නිකුත් කිරීමෙන් පාලකයින් ද අපහසුතාවට පත් වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ පෙන්වා දුන්නා. මකුලෑවේ විමල මහානායක ස්වාමීන්වහන්සේ මල්වතු මහාවිහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්වහන්සේ ද බැහැදුටුවා. එමෙන්ම දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමීන්වහන්සේ බැහැදැක සාකච්ඡා කළා. රාමාඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන්වහන්සේ මහනුවර ශ්‍රී දළදාමාලිගාවේදී ආගමික වතාවත්වලද නිරත වුණා.

 

 

 

The post ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සැමවිටම ඒකාබද්ධ ප්‍රකාශ රටට ඉදිරිපත් කිරීම වැදගත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG