රුසියා ජනතාවට මහා පරිමාණයෙන් කොරෝනා එන්නත් ලබාදිය යුතු බවට එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉදිරි සතියේදී එම කටයුතු ආරම්භ කරන ලෙසයි ඔහු දැනුම් දී තිබෙන්නේ. ඒ සදහා රුසියානු ස්පුට්නික් ෆයිව් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන දෙකක් දැනටමත් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු කෝවිඩ් නයින්ටීන් එන්නත නම් කර තිබෙන්නේ සෝවියට් යුගයේ රුසියානු චන්ද්‍රිකා පෙළක් සිහිගන්වමින්. ස්පුට්නික් ෆයිව් එන්නත ක්‍රියාකාරීත්වයෙන් සියයට අනූපහක සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවයි රුසියා විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන්නේ.
The post රුසියා ජනතාවට මහා පරිමාණයෙන් කොරෝනා එන්නත් ලබාදිය යුතුයි appeared first on ITN News.
Post a Comment