පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙමින් තිබෙන දැඩි වර්ෂාව සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කර තිබෙනවා.
සෝමාවතී මාර්ගයද ස්ථාන කිහිපයකදී ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කුඹුරු බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර ආහාර සොයා පැමිණි වන අලින් අධික වර්ෂාව මධ්‍යයේ ආහාර ගන්නා ආකාරය මාඔය ප්‍රදේශයේදී දැක ගැනීමට ලැබුණා. කවුඩුල්ල, මින්නේරිය සහ ගිරිතලේ යන ජලාශද වාන් දැමීමට ආසන්න වී තිබෙනවා.
මේ අතර උතුරු පළාතටද ඇදහැලෙමින් පවතින තද වැසි හේතුවෙන් පදවිය වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. උතුරු පළාතේ කුඩා වැව් සියල්ල අධික වැසි සමඟ පිරී ගොස් ඇති බවද අප වාර්තාකරුවන් සඳහන් කළා.
The post පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ක් විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment