ඇමෙරිකා එක්සත් ජනපදයේ 117 වෙනි සෙනෙට් සභාව සදහා සභිකයන් දිවුරුම්දීම සිදු කළා.
අභියෝගකාරී කාලවකවානුවකදී මෙම දිවුරුම්දීම සිදු කිරීමට ලැබුණු බවයි සෙනෙට් සභාවේ බහුතරය නියෝජනය කරන කණ්ඩායමේ නායක මිච් කොනෙල් පැවසුවේ. සෙනෙට් සභාව ලබන බදාදා යළි රැස්වීමට නියමිතයි. මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට ඉහළ පෙලේ මැතිවරණ නිලධාරියකුට අමතා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් පටිගත වූ හඩපටයක් ද ඇති බවයි වාර්තා වන්නේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත සිද්ධිය සම්බන්ධයෙන් හෙළි දරව් කිරීම සිදු කළා.
The post ඇමෙරිකා එක්සත් ජනපදයේ 117 වෙනි සෙනෙට් සභාව සදහා සභිකයන් දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment