Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2060 වන විට චීනය කාබන් නිෂ්ක්‍රීය රාජ්‍යයක් බවට පත් කිරීමට සැලසුම් කෙරේ  

Add comments

2060 වසර වන විට චීනය සම්පූර්ණයෙන්ම කාබන් නිෂ්ක්‍රීය රාජ්‍යයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රය මගින් වායු ගෝලයට නිකුත් වන දූෂණකාරක වායූන් 2030 වසර වන විට උපරිම අගය කරා ළගා වනු ඇති බවයි එරට රජය පවසන්නේ. විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීම පාලනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද චීනය සදහන් කරනවා. 2030 වසරෙන් පසු ක්‍රමයෙන් පරිසරයට කාබන් විමෝචනය වීම අවම කෙරෙන අතර 2060 වසර වන විට වායු ගෝලයට කාබන් නිකුත් නොකෙරෙන රටක් බවට පත් වීමටයි චීනය සැලසුම් කර ඇත්තේ. මේ වන විට චීන ආර්ථිකය පොසිල ඉන්ධන මත ගොඩනැගී ඇති බැවින් ඉදිරියේදී මෙම ඉලක්කය ජය ගැනීම දැඩි ලෙස අභියෝගකාරී වී තිබෙනවා.

 

 

The post 2060 වන විට චීනය කාබන් නිෂ්ක්‍රීය රාජ්‍යයක් බවට පත් කිරීමට සැලසුම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG