අබුඩාබි සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු, කටාර්හි සිටි 93 දෙනෙකු, චීනයේ සිටි 05 දෙනෙකු අද (05) උදෑසන දිවයිනට පැමිණියා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණ් අතර එම මධ්‍යස්ථා 79 ක පුද්ගලයින් 4945 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනයේදී පීසීආර් පරික්ෂණ 12826 ක් සිදු කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
පොළොන්නරුව මහරෝහල මගින් පාලනය වන වැලිකන්ද, කන්දකාඩු, පූනානි හා ගල්ලෑල්ල යන කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහභාගී වුණා. එම මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග ද ඒ මහතා සාකච්ඡා කළා.
The post තවත් ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment