කොරෝනා ව්‍යසනය හමුවේ කඩාවැටීමට ලක් වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට විදෙස් සංචාරකයින් සදහා රට විවෘත කිරීමට පියවර ගැනුණා. ඒ අනුව සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විදෙස් සංචාරක කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගැනුණා.
විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ යටතේ පළමු සංචාරක කණ්ඩායම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පසුගියදා මෙරටට පැමිණියා. එලෙස පැමිණියේ 186 දෙනෙකුගෙන් යුත් යුක්රේන ජාතික සංචාරකයින් කණ්ඩායමක්.ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සංචාරකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල මෙරට ක්‍රියාත්මකයි. මෙම විදෙස් සංචාරකයින් හා දේශීය සංචාරකයින් හමුවීම වැළැක්වීම සදහා ද කටයුතු සිදු කෙරෙනවා. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ සිව්වන සංචාරක කණ්ඩායම ද ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් හෝටල් පරිශ්‍ර වෙත සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන යාම සිදු කෙරුණා. පළමු කණ්ඩායම ලෙස මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් 185 දෙනාගෙන් 21 දෙනෙකු සංචාරය සාර්ථකව අවසන් කර සිය රට බලා පිටත්ව ගියා. මේ අතර සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් සමගින් ඉදිරි කටයුතු සැළසුම් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.
The post විදෙස් සංචාරකයින් සඳහා රට විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment