කැළිකසළ ගැටලුවට තිත තබමින් මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
දිරන කසළ සියයට 60 ක්, ඝන අපද්‍රව්‍ය සියයට 40 ක් දෛනිකව එක් රැස්වනවා. මෙම ගැටලුවට විසදුම් කිහිපයක් ඉදිරිපත් කළ ද මෙතෙක් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ.
මෙයට එක් විසදුමක් ලෙස කවෂිමා කොම්පෝස්ට් අංගන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වෙමින් තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය, ජපන් ජාතික සහයෝගීතා ආයතනයේ ආධාර යටතේ කවෂිමා ව්‍යාපෘතිය කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසටයි.
ඉන් ලැබුණු සාර්ථක ප්‍රතිඵල මත දිවයිනේ පළාත් පාලන ආයතන 9 ක ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය දැක ගැනීමට මාධ්‍යවේදීන්ට ද අවස්ථාව උදාකර දී තිබුණා.
The post මහා පරිමාණ කසළ අංගන 22 ක් රට පුරා පිහිටුවීමට පියවර appeared first on ITN News.
Post a Comment