ආදී වාසීන්ගේ සංස්කෘතික උරුමය ද පිළි ගනිමින් ඔස්ට්‍රේලියානු ජාතික ගීය සංශෝධනය කිරීම අද සිට ක්‍රියාත්මක වනවා.
නව ජාතික ගීය නිල වශයෙන් දියත් කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ සාපේක්ෂව යොවුන් ජාතියක් ලෙස අතීත උරුමයන්ට ද ගරු කළ යුතු බවයි.
ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ දෙවන වදන් පෙළ දැක්වෙන්නේ ෆොවි ආ යංග් ඇන්ඩ් ෆ්‍රි නැතිනම් යොවුන් සහ නිදහස් අප වෙනුවෙන් යන්නයි. නූතන ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන් යංග් හෙවත් යෞවනයන් ලෙස හදුන්වනවා. ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව මග හැරී ඇති බව පසුව පිළිගෙන තිබුණා. ඒ අනුවයි එය ෆො වි ආ යංග් ඇන්ඩ් ෆ්‍රි ලෙස වෙනස් කර තිබෙන්නේ.
The post ඔස්ට්‍රේලියානු ජාතික ගීය සංශෝධනය කිරීම අද සිට ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment