නව අවුරුදු උදාවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර අධික ශීත කාලගුණයක් පවතින බව වාර්තාවනවා.
නවදිල්ලි නුවරින් වාර්තාවන උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම එක දක්වා පහත වැටී ඇති බවයි ඉන්දීය කාලගුණ අංශ දැනුම් දෙන්නේ. එය වසර 15 කට පසු නවදිල්ලි නුවර නව අවුරුදු උදාවේ වාර්තා වූ අවම උෂ්ණත්වය බව සදහන් වනවා.
පසුගිය වසරේ නව අවුරුදු උදාවේ නවදිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශ දෙකයි දශම 4 ක් වූ අතර 2006 වසරේ ජනවාරි මාසයේ සෙල්සියස් අංශක දශම දෙකක අවම උෂ්ණත්වයක් වාර්තා වුණා.
අධික ශීතලත් සමග දිල්ලි නගරයේ ඝන මීදුමකින් වැසී ඇති බව ද වාර්තා වනවා.
The post නව අවුරුදු උදාවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර අධික ශීත කාලගුණයක් appeared first on ITN News.
Post a Comment