Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි  

Add comments

විශ්වවිද්‍යාල තුළින් පෞද්ගලික අංශයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කිරීම නව වසරේ සිට ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් එකොළොස්දහසක් මේ වසරේ බදවාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැයකෙරෙන මුදල රුපියල් මිලියන 3,625 ක්. වසර දෙකක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග,  උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG