කලමැටිය ධීවර වරායේ මා දැල් කර්මාන්තයේ නියැලි ධීවරයින්ට රුපියල් ලක්ෂ පනහක වන්දි පිරි නැමුණා. ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්.
කලමැටිය ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමත් සමග මා දැල් ධීවර කර්මාන්තයේ නිරත වූ ධීවර පවුල් විසි අටකට රැකියා අහිමි වුණා. මේ සම්බන්ධයෙන් එම ධීවරයින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම වන්දි ප්‍රධානය කෙරුණේ. ධීවර ජනතාව වෙනුවෙන් රජය මේ වනවිටත් විශාල සහන ප්‍රමාණයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
The post කලමැටිය ධීවර වරායේ මා දැල් කර්මාන්තයේ නියැලි ධීවරයින්ට ලක්ෂ 50ක වන්දි appeared first on ITN News.
Post a Comment