කෑගල්ල ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරුණා.
සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකර ඇති ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙසීය අනූ අටක්. මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ල අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විතයි. සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම කටයුතු සිදු කෙරුණා. මෙතෙක් ඉතා අඩු පහසුකම් යටතේයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සේවා පවත්වාගෙන යනු ලැබුවේ.
The post කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment