කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයේ එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස ඊයේ දිනය සටහන් වනවා.
ගතවූ පැය විසි හතරට එරටින් වයිරස ආසාදිතයින් පනස් හත් දහස් හත්සිය විසි පස් දෙනෙකු හමුවී ඇති බවයි වාර්තා වන්නේ. ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව පනස් දහස ඉක්මවූ පස්වන දිනය එය බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ සමගම එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් ලක්ෂ අනූ නව දහස් හත්සිය අසූ නවයක්. වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය යේ මිය ගිය සංඛ්‍යාව හැත්තෑ පන් දහසකට ආසන්නයි. කොරෝනා වයිරසයේ නව ප්‍ර භේදය ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීම ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට බලපා ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අතරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ලන්ඩන් නගරයටයි.
The post බ්‍රිතාන්‍යයේ එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment