ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් අට දෙනෙකු වාර්තා වීමත් සමග නිරෝධායන නීති දැඩි කර තිබෙනවා.
නව නීතිය අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගොඩනැගිලි අභ්‍යන්තරයේද ජනතාවට මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අනුව මුඛ ආවරණ නොපලදින්නන්ට එරෙහිව ඔස්ට්‍රේලියා ඩොලර් දෙසීයක දඩයක් පැනවීමට ද තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර වසංගතය ව්‍යාප්ත වීම ආරම්භයේ සිටම දැඩි නීතිද ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් එරට කොරෝනා ආසාදනය වීම් සංඛ්‍යාව අඩු අගයක පවත්වා ගැනීමට හැකි වුණා. ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන විසි අට දහස් හාරසිය පනහක්.
The post ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධායන නීති දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment