Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 5000 ක් ඉදිකිරීම ඇරඹෙයි  

Add comments

මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඒකක පන්දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ වුණා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සතුටු පවුලක් යන තේමාවෙන් අදියර 9 ක් යටතේ මෙම නිවාස ඉදිකිරීම සිදුවනවා. කොළඹ , මහනුවර ආදී ප්‍රදේශවල ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිවල ආරම්භය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අද සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔරුගොඩවත්ත නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 432 කින් සමන්විතයි. පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර හා බොරලැස්ගමුව යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ඉදිකෙරෙනු ඇති. පෑලියගොඩ මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ද නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. දැරිය හැකි මිලකට මධ්‍යම පාන්තිකයන්ට මෙම නිවාස ලබා ගැනීමට පහසුකම් පවතින අතර ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 9 ක්.

 

 

 

 

The post මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 5000 ක් ඉදිකිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG