ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ තිස්පස්වන සභාපතිවරයා එම ධූරයෙහි පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පත් වුණා. 35 වන විධායක සභාපතිවරයා ධූරයෙහි පිහිටුවීමේ උත්සවයට සංගමයේ සියලු සාමාජික සාමාජිකාවන් එක්ව සිටියා. දකුණු ආසියාවේ අඩුම මාතෘ හා ළදරු මරණ අනුපාතයට හිමිකම් කියන රට වන්නේ ශ්‍රී ලංකාවයි. මෙම ජයග්‍රහණය ලබා ගැනීම සදහා මෙරට ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ,සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පත් කෙරේ appeared first on ITN News.
Post a Comment