පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ ගියා. ඒ අනුව වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරිමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස් කේ හේවාගමගේ මහතා සඳහන්කළා. ඒ අනුව තප්පරයට ඝන අඩි 560 ක ජල ධාරිතාවක් අඹන්ගගට මුදා හැරෙනවා. එහෙයින් ගඟ දෙපස පදිංචිකරුවන්ට විමසිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග නිලධාරීන් දැනුම් දෙන්නේ.
The post පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment