ව්‍යාජ රන් බෝල තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසියේ දූෂණ වැටලීම් අංශය සමත්වුණා.
ගැණුම්කරුවන් මුලාකර අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ ව්‍යාජ රන් බෝල තොගයකුයි මෙලෙස පොලිස් භාරයට ගැනුණේ. මෙම සැකකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලකට ව්‍යාජ රන් බෝල තොගයක් මිලදී ගත් පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. ජාවාරමේ ප්‍රධාන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. ව්‍යාජ රන් බෝල නිෂ්පාදනය කළ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ව්‍යාජ රන් බෝල තොගයක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment