අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සැළකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා. මුදල් ඉල්ලීමේ දී මුදල් භාරගැනීමේදී මෙන්ම දිනුම් අංක සදහන් කිරීමේ දී වැඩ අවධානය යොමුකළ යුතු වනවා.
අන්තර්ජාලය හරහා මුදල් ගණුදෙනු කිරීම්වලදී වංචනිකව එම මුදල් සොරකම් කළ නයිජීරියා ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සති තුනකට පමණ පෙර නයිජීරියා ජාතිකයෙකු මෙරට කාන්තාවකගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් මෙසේ වංචනිකව ලබාගෙන තිබුණා. ඔහු ව්‍යාජ හැදුනුම්පත් මෙන්ම විවිධ බැංකු ගිණුම් හා ක්‍රෙඩිට් කාඩ්පත් නිර්මාණය කරමින් මෙම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
නයිජීරියා ජාතිකයා පදිංචිව සිටි ස්ථානයේ තිබී ජාතික හැදුනුම්පත් 22 ක් බැංකු පොත් 18 ක් ඒ ටී එම් කාඩ්පත් 21 ක් මෙන්ම ජංගම දුරකතන 12 ක්ද සොයාගෙන තිබෙනවා.
The post නයිජීරියන් හොරු තවමත් ඉන්නවා – අන්තර්ජාලයේ ගණුදෙනු ගැන සැලකිලිමත් වන්න appeared first on ITN News.
Post a Comment