ජනදුක, ජනහද ළගම සිට අසන වැඩපිළිවෙළක් වෙනුවෙන් නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය කොල්ලුපිටියේ දී විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොල්ලුපිටිය ආර් ඒ ද මෙල් මාවතේ අංක 101 දරණ ස්ථානයේ පිහිටි මෙම විශේෂ ඒකකය ජනතාවගේ පහසුව සදහා නවීකරණය කරමින් කලින් පිහිටි ස්ථානයේම ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වූ මෙම ඒකකය සදුදා සිට සිකුරාදා දක්වා ජනතාව වෙනුවෙන් විවෘතයි. මහජන යෝජනා සහ ගැටලු කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී ලෙස විසදුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවයි. අග්‍රාමාත්‍යවරයාට පසුගිය කාලයේ යොමු කළ පැමිණිලි සහ ගැටලු ඇතුළත් ලිපි දොළොස් දහසකට පමණ මෙම ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම පුන්‍යෝත්සවයට එක්ව සිටියා.
The post නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment