Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට  

Add comments

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව ආවරණය කිරීමේ පහසුකම් සම්පාදනය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සදහා පී සී ආර් පරික්‍ෂණ  ගණනාවක් පසුගිය කාලය තුළදී සිදුකෙරුණා. ඒ අතරින් කිසිදු කෝවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවේ. සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබද සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 4 ක් හෙට විවාදයට ගැනීමට නියමිතයි. දණ්ඩ නීති සංග්‍රහයේ  සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 3 ක් අනිද්දා විවාදයට ගැනෙනවා. ලබන 7 වනදා බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ගුවන්තොටුපොළ බදු ඇතුලු නියෝග 10 ක් විවාදයට ගැනීමට ද නියමිතයි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව මේ මස තුළදී ආයතන 5 ක විගණන කටයුතු පරික්‍ෂා කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා පොල් සංවර්ධන අධිකාරිය ද ඊට ඇතුළත්. ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට අනිද්දා කැදවා සාකච්ඡා කිරීමට නියමිතයි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළා. පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්‍ෂය හිමිකරගත් මන්ත්‍රී ධුරය සදහා පූජය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ නම ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

The post නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG