පාකිස්තානයේ පතල් කැණීම්වල නිරත වූ කම්කරුවන් පිරිසක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.
ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමකුයි මෙම පැහැර ගැනීම සිදුකර ඇත්තේ. පැහැර ගත් කම්කරුවන් 11 දෙනෙකු ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කළා. පාකිස්තානයේ බලුචිස්ථාන් ප්‍රාන්තයේ මෙම පැහැර ගැනීම සිදුව තිබෙනවා. පැහැර ගැනීමට ලක් වූ සියලු කම්කරුවන් ෂියා මුස්ලිම් භක්තිකයන් බවයි වාර්තා වන්නේ. අයි එස් සංවිධානයට සම්බන්ධ ත්රස්තවාදීන් පිරිසක් ඔවුන් ඝාතනය කර තිබෙනවා. මෙම අමානුෂික ක්‍රියාව පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.
The post පාකිස්තානයේ පතල් කැණීම්වල නිරත වූ කම්කරුවන් පිරිසක් පැහැර ගැනේ appeared first on ITN News.
Post a Comment