පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුවට බදවා ගැනීම් සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.
පුහුණු පාඨමාලාව සදහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. 2015, 2016 හෝ 2017 වර්ෂවලින් එකකදී අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් සිසුවියන්ට ඒ සදහා අයදුම් කළ හැකියි. වැඩිදුර තොරතුරු මේ මස අටවනදා පළවන රජයේ ගැසට් පත්‍රයේ සහ ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් හෙල්ත් ඩොට් ජී ඕ වී ඩොට් වෙබ් අඩවියන් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
The post පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුවට බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවයි appeared first on ITN News.
Post a Comment