ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජෙරුසෙලමේ දී පැවැත්වෙන උද්ඝෝෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ද ඔහු අසමත් වී ඇති බවයි උද්ඝෝෂකයින් සඳහන් කරන්නේ. ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා මේ වනවිට ප්‍රසිද්ධියේ අග්‍රාමාත්‍යවරයා විවේචනය සිදුකරන බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගියදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තුව පරාජයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව ද විසුරුවා හැරුණා. ලබන මාර්තු මාසයේ දී එයට අදාළ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඊශ්‍රායලය වසර දෙකක් ඇතුළත මහ මැතිවරණ හතරක් පැවැත්වීම ද විශේෂත්වයක්.
The post ඊශ්‍රායල අගමැතිට එරෙහි උද්ඝෝෂණ තවදුරටත් appeared first on ITN News.
Post a Comment