මහියංගනය මිනිපේ සහ රිදී මාලියද්දල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල උග්ර වනඅලි තර්ජනයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.
මහියංගනය හා මිනිපේ ගොවිජනපදවලට ආසන්නව ගලා බසින මහවැලි නදියෙහි දිවා කාලයේ අලින් 12 ත් 15 ත් අතර රංචුවක් රැදී සිටිමින් ජනජීවිතයට බලපෑම් එල්ල කරන බවයි වාර්තා වන්නේ. වන අලි රංචුව මහවැලි ගගෙන් ගොඩට වී වගා හානි සිදු කරන ආකාරය සීසීටීවී දර්ශනවල ඊයේ රාත්රියේ සටහන් වී තිබුණා. වනජීවී නිලධාරීන්ට මේ පිළිබද දැනුම් දුන්න ද කිසිදු නිලධාරියකු පැමිණියේ නැති බවයි ගම්වාසීන් පැවසුවේ.
The post වනඅලි තර්ජනයකට නිරන්තරයෙන් මුහුණ දෙන රිදී මාලියද්ද ගම්වැසියන් appeared first on ITN News.
Post a Comment