තිරිඟු පිටි ලෙස හඟවා මෙරටට රැගෙන ආ කහ කුඩු කිලෝග්‍රෑම් හත්දහස් පන්සියයක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබූ මෙම කහ කුඩු තොගය සොයා ගනු ලැබුවේ රේගු අවදානම් කළමනාකරණ ඒකකයයි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකොළොස් දහස් අටසිය පනහක්ද බහාලුමෙහි තිබූ බව රේගු නිලධාරීන් සදහන් කළා. රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා මෙම කහ කුඩු තොගය මෙරටට ආනයනය කර ඇත්තේ මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව පරීක්ෂණවලදී හෙළි වුණා. රේගු අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
The post මෙරටට රැගෙන ආ කහ කුඩු කිලෝග්‍රෑම් හත්දහස් පන්සියයක් රේගු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment