පොලිස් විශේෂ කාර්ය බලකාය බක්මිටියාව හා තණමල්විල ප්‍ර දේශවලදී ගංජා හේන් කිහිපයක් වැටලීමට සමත් වුණා.
බක්මිටියාව ප්‍ර දේශයේ අක්කර හතරක ගංජා හේනක් වැටලීමට විශේෂ කාර්ය බලකායට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. ගංජා හේන පවත්වාගෙන ගිය පුද්ගලයන් සොයා මේ වනවිට විමර්ශන සිදු කෙරෙනවා. තණමල්විල ප්‍ර දේශයේ ද ගංජා හේන් තුනක් වැටලීමට විශේෂ කාර්ය බලකාය අද උදෑසන සමත් වුණා. ගංජා පැළ තවාන් දෙකක් ද මෙහිදී වැටලූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ගංජා පැළ 17000 ක් පමණ මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද උදෑසන සිදු කෙරුණු වැටලීමේදී සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. ඔවුන් තණමල්විල පොලිසියට භාර දීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.
මේ අතර මඩකලපුව කරදියනාරු පොලිස් වසමේ නිවෙසක තිබී වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනීමට මඩකලපුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වුණා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. වෝටර් ජෙල් හත්සිය විසි නවයක් ,ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් පන්සිය අනූ පහක්, බ්ලැක් පවුඩර් ග්‍රෑම් පන්සියයක්, බෝම්බ පුපුරවන නූල් මීටර් එක් දහස් හත්සිය අසූවක් හා ඇලුමිනියම් බට එකසිය පහක් මෙහිදී පොලිස් භාරයට ගැණුනා.
The post පොලිස් විශේෂ කාර්ය බලකාය ගංජා හේන් කිහිපයක් වටලයි appeared first on ITN News.
Post a Comment