නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු රැස්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 4 ක් අද විවාදයට ගැනීමට නියමිතයි. දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 3 ක් හෙට විවාදයට ගැනෙනවා. ලබන 7 වනදා බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ගුවන්තොටුපොළ බදු ඇතුලු නියෝග 10 ක් විවාදයට ගැනීමට ද නියමිතයි.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා. පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය හිමිකරගත් මන්ත්‍රී ධුරය සඳහා පූජය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ නම ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
The post නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද appeared first on ITN News.
Post a Comment