විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් හට දේශපාලන රැකවරණ සැපයීමට තම රට සූදානම් බව මෙක්සිකෝ ජනාධිපතිවරයා සඳහන් කරනවා.
ඊයේ දිනයේ දී ජුලියන් අසාන්ජේ ඇමෙරිකාවට පිටුවහල් කිරිම වළකාලමින් ලන්ඩන් අධිකරණය නියෝගයක් පනවනු ලැබුවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින්. 2010/ 2011 වසරවලදී ඇමෙරිකාවට අයත් රහසිගත ලියකියවිලි දහස් ගණනක් ප්‍රසිද්ධියට පත් කිරිම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. වසර කිහිපයක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය යටතේ ඔහු වාසය කළ අතර 2019 වසරේ දී ලන්ඩන් පොලීසිය ස්ත්‍රී අපයෝජනයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සතිය ඇතුළත් ජුලියන් අසාන්ජේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනු ඇති බවට අපේක්ෂා කරනවා.
The post විකිලීක්ස් නිර්මාතෘ හට දේශපාලන රැකවරණ සැපයීමට සූදානම් බව මෙක්සිකෝ ජනපති කියයි appeared first on ITN News.
Post a Comment