කොරෝනා බලපෑම නිසා තරමක් දුරට අඩාල වෙලා තිබුණ අපේ ධීවර කර්මාන්තය අයෙමත් සාමාන්‍යය තත්ත්වෙට පත්වෙමින් තියෙනවා.
වයඹ වෙරළ තීරයේ ධීවර කටයුතු සාර්ථකව සිදු කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියලයි ධීවරයින් ප්‍රකාශ කරන්නේ.
වයඹ මුහුදු තීරයෙන් සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් මේ දිනවල ලැබෙමින් පවතිනවා. මාස කිහිපයකට පසු මෙසේ වැඩි වශයෙන් මසුන් ඇල්ලීමට ධීවරයින්ට හැතියාව ලැබී ඇති බවයි ධීවර ප්‍රජාව පවසන්නේ.
කල්පිටිය සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදු තීරයේ එක්දින යාත්‍රා මෙන්ම තෙප්පන් භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් ගණන 3000 කට අධිකයි. තම මත්ස්‍ය සම්පත වෙරළතීරයේදීම අලෙවි කිරීමට අවස්ථාව උදාවී ඇති බව ධීවරයින් පවසනවා.
The post වයඹ මුහුදු තීරයෙන් සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් appeared first on ITN News.
Post a Comment